මන්ත්‍රිගේ නිවසේ වහලයෙන් මතු වු අටු බස්සන්

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුගේ  නිවසේ වහලේ සිටි දුර්ලභ ගණයේ බකමූණන් තිදෙනකු මන්ත්‍රීවරයා ලබා දුන් තොරතුරකට අනුව සොයාගත් බව පුත්තලම වන ජීවී පාලක ඒකකය කියයි.

එම මන්ත්‍රීවරයාගේ නිවසේ සිවිලමේ සිටයදී බිමට වැටී සිටි මෙම අටු බකමුණු  වර්ගය තිදෙනා එම කාර්යාලයට රැගෙන ආ බවයි වන ජීවී නිළධාරින් පවසන්නේ.

Barn Owl යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම බකුමූණු වර්ගය ලංකාවේ වැඩි වශයෙන් දක්නට නොලැබුණද කළපු ආශ්‍රිතව සමහර ස්ථානව දක්නට ලැබෙන බවත් මෙම අටු බකමුණු තිදෙනා වැඩිදුර පරීක්ෂණ කටයතු වට නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලයට භාර දෙන බව පුත්තලම වන ජීවී පාලක ඒකකය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?