යොහානිගේ මැණිකේ අමෙරිකාවේ මහපාරටත් ඇවිත්

නවක ගායිකා යොහානි ඩි සිල්වාගේ ගායනයෙන් ජනප්‍රිය වූ සතිෂන්ගේ ගීතයක් වන “මැණිකේ මගේ හිතේ” ගීතය එක්සත් ජනපදයෙන් ද ඇසෙන්නට පටන් ගෙන තිබේ .

ඇමරිකාවේ ජනප්‍රිය ළමා වයලීන් වාදකවරියක වන කැරොලිනා ප්‍රෙට්සෙන්කො විසින් මෙම ගීතය තම වයලීනයෙන් වාදනය කරනු ලැබූ , අපූරු වීඩියෝවක් ඇය සමාජ ජාලයට මුදා හැර තිබේ.

වයලීනයක් වාදනය කරමින් කැලිෆෝනියාවේ සැන්ටා මොනිකාහි වීදි වල සැරිසරන ඇය කෙටි කලකදී ලොව පුරා ජනප්‍රියත්වයට පාත්‍ර වූයේ සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රසිද්ධියක් ලබා ගනිමිනි.

ඒ අනුව ඇගේ අලුත්ම වීඩියෝව ශ්‍රී ලංකාවේ “මැණිකේ මගේ හිතේ” ගීතයයි.

ගෙවුණු මාස තුන තුළ යූ ටියුබ් සමාජ ජාලයේ ලොව වැඩිම නැරඹුම් වාර ගණනක් ලබා ඇති මුල්ම ගීත අතරට මෙම “මැණිකේ මගේ හිතේ” ගීතය පැමිණ ඇත්තේ පස්වැනි ස්ථානයටයි .

වයස අවුරුදු දහ තුනක් වන කැරොලිනා ප්‍රෙට්සෙන්කො ඉතා කෙටි කලකදි ඕනෑම ගීතයක් සිය වයලින් වාදනය කිරීමේ අපූරු හැකියාවක් ඇති දැරියක් වන අතර ඇය වීදිවල සැරිසරමින් තම අපූරු දක්ෂතාවය ප්‍රදර්ශනය කරන්නීය.

යුක්‍රේන සංගීත පවුලක උපත ලද කැරලිනා සහ ඇයගේ පවුලේ උදවිය ඉකුත් 2015 වර්ෂයේ දී ඇමරිකාවට පැමිණ ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
93
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32