ස්පුට්නික් V පළමු මාත්‍රාව ලබාගත් අයට පණිවුඩයක්

ස්පුට්නික් V එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදීමේ කටයුතු හෙට (20) සිට ආරම්භ කළ හැකි බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ අතර ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලබන මාසයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ලැබීමට නියමිත බවය.

එන්නත්කරණ වැඩසටහනේ වගකීම රජය භාරගෙන ඇති බැවින් පළමු එන්නත ලබාගත් කිසිවෙකුට දෙවැනි මාත්‍රාව නොමැතිව අමාරුවේ වැටීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයේ ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව බලාපොරොත්තුව සිටින සියලුදෙනාටම අවශ්‍ය එන්නත් මේ වන විට ලැබී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. 

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එප්පාවලදී අද (19) පැවති රැස්වීමකින් අනතුරුවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“අවුරුදු 15 සිට පාසල් ළමුන්ට එන්නත් ලබාදෙනවා. ෆයිසර් එන්නත ලබාදෙන්නේ. රජයේ රෝහලක දී තමයි එන්නත්කරණය සිදුකරන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ. කුමන දිනයේ ද ආරම්භ කරන්නේ කියන එක තව දින කිහිපයකින් තීරණය කරනවා. මොකද ෆයිසර් එන්නත ප්‍රවාහනය හා ගබඩා කිරීමේ දී විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ ලංකාව පුරාම රෝහල්වල තියෙන පහසුකම් බලලා, විශේෂ පුහුණුවක් දෙන්න ඕනේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ෆයිසර් එන්නත ලබාදෙන විට. මේක සංවිධානය කරන්න දින කිහිපයක් ගතවෙනවා. ඉදිරි මාස කිහිපයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ලැබීමට නියමිතයි. හෙට උදෑසනත් අපිට යම්කිසි ප්‍රමාණයක් ලැබෙනවා. ඉදිරියේ දී එය වැඩිවීමට නියමිතයි. ඔක්තෝබර් 10 – 11 වෙනකොට අපිට තවත් ෆයිසර් එන්නත් ප්‍රමාණයක් ලැබීමට නියමිතයි. ඊට පස්සේ ක්‍රමානකූලව ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.10
00:00
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15
Video thumbnail
මං මෝඩයන්ට උත්තර දෙන්නේ නෑ - මරික්කාර් සැර වෙයි
10:05
Video thumbnail
කළුතර ප්‍රා. සභාවේ මන්ත්‍රීලගේ වැඩ බලන්න ආ වඳුරා..හරි අපූරුවට බලන් ඉන්න හැටි
01:40
Video thumbnail
අපිට නම් දැන් සනීපයි හොඳටම - ආණ්ඩුවට දීලා අනාගත්තා
04:53