ග්‍රාම නිලධාරීන්ට සුබ ආරංචියක්

තම වසමට අමතරව වෙනත් වසමක රාජකාරි ආවරණය කරන ග්‍රාම නිලධාරීන්ට අමතර දීමනාවක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.

මෙලෙස අවධානය යොමු කර ඇත්තේ, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට කරන ලද ලිඛිත ඉල්ලීම් සලකා බලාය. ඒ අනුව මීට අදාළ කටයුතු කඩිනමින් සකස් කරමින් සිටින බවත් ඊට මුදල් ප්‍රතිපාදන ලැබුණු සැණින් අදාළ ග්‍රාම නිලධාරීන්ට එම දීමනාව ලබා දෙන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද ‘අරුණ’ ට පැවැසීය.

මෙරට සමස්ත ග්‍රාම නිලධාරීන් 14,022 දෙදෙනෙකු සක්‍රිය සේවයේ නියුතු විය යුතු වුවද, මේ වනවිට සේවයේ නියැලෙන්නේ 10,922 දෙදෙනෙකු පමණක් බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කමල් කිත්සිරි සඳහන් කරයි.

2018 වසරේ සිට ග්‍රාම නිලධාරීන් දෙදෙහසක පුරප්පාඩු පවතින අතර ඒ සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට පසුගිය මැයි මස ගැසට් නිවේදනයක් නිකුත් කර අයදුම්පත් පමණක් කැඳවා තිබේ. ඊට අමතරව කොවිඩ් ආසාදිතව නිලධාරීන් 500 දෙනෙකු සේවයෙන් නිවාඩු ලබා ගෙන ඇති අතර ප්‍රසූත නිවාඩු සඳහා දිවයින පුරා ග්‍රාම නිලධාරිනියන් 600 දෙනෙකු ද සේවයෙන් තාවකාලිකව ඉවත් වී තිබේ.

මෙම තත්ත්වය මත ඇතැම් ප්‍රදේශවල එක් ග්‍රාම නිලධාරියෙකුට තම වසමට අමතරව තවත් වසම් කිහිපයක රාජකාරියේ නියුතුවීමට සිදුවීම දැඩි අර්බුදකාරී තත්ත්වයක් බවද සභාපතිවරයා අවධාරණය කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56