ග්‍රාම නිලධාරීන්ට සුබ ආරංචියක්

තම වසමට අමතරව වෙනත් වසමක රාජකාරි ආවරණය කරන ග්‍රාම නිලධාරීන්ට අමතර දීමනාවක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.

මෙලෙස අවධානය යොමු කර ඇත්තේ, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට කරන ලද ලිඛිත ඉල්ලීම් සලකා බලාය. ඒ අනුව මීට අදාළ කටයුතු කඩිනමින් සකස් කරමින් සිටින බවත් ඊට මුදල් ප්‍රතිපාදන ලැබුණු සැණින් අදාළ ග්‍රාම නිලධාරීන්ට එම දීමනාව ලබා දෙන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද ‘අරුණ’ ට පැවැසීය.

මෙරට සමස්ත ග්‍රාම නිලධාරීන් 14,022 දෙදෙනෙකු සක්‍රිය සේවයේ නියුතු විය යුතු වුවද, මේ වනවිට සේවයේ නියැලෙන්නේ 10,922 දෙදෙනෙකු පමණක් බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කමල් කිත්සිරි සඳහන් කරයි.

2018 වසරේ සිට ග්‍රාම නිලධාරීන් දෙදෙහසක පුරප්පාඩු පවතින අතර ඒ සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට පසුගිය මැයි මස ගැසට් නිවේදනයක් නිකුත් කර අයදුම්පත් පමණක් කැඳවා තිබේ. ඊට අමතරව කොවිඩ් ආසාදිතව නිලධාරීන් 500 දෙනෙකු සේවයෙන් නිවාඩු ලබා ගෙන ඇති අතර ප්‍රසූත නිවාඩු සඳහා දිවයින පුරා ග්‍රාම නිලධාරිනියන් 600 දෙනෙකු ද සේවයෙන් තාවකාලිකව ඉවත් වී තිබේ.

මෙම තත්ත්වය මත ඇතැම් ප්‍රදේශවල එක් ග්‍රාම නිලධාරියෙකුට තම වසමට අමතරව තවත් වසම් කිහිපයක රාජකාරියේ නියුතුවීමට සිදුවීම දැඩි අර්බුදකාරී තත්ත්වයක් බවද සභාපතිවරයා අවධාරණය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?