කොවිඩ් රෝගීන්ට වැළඳෙන තවත් දිලීර දෙකක්

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් අතර පැතිරෙන කළු දිලීර රෝගයට අමතරව කොවිඩ් ආසාදිත රෝගීන්ට වැළදෙන වෙනත් දිලීර වර්ග දෙකක් රෝගීන් අතරින් හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍යවරු පවසති.

ඇස්පර්ගිලෝසිස් ( Aspergillosis) සහ කැන්ඩිඩියාසිස් (Candidiasis) යනුවෙන් එම දිලීර හඳුන්වන අතර කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින්විට මේවා ආසාදනය විය හැකි බව එම විශේෂඥයෝ පෙන්වා දෙති.

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් අතර ඉහත දිලීර රෝග දෙක සෞඛ්‍ය බලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇති බවත් මෙම සංසිද්ධිය වෙනත් රටවල ද නිරීක්ෂණය වී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ ක්ෂුද්‍ර විද්‍යාඥ වෛද්‍ය ප්‍රීමාලි ජයසේකර ප්‍රකාශ කර තිබේ.

ඇස්පර්ගිලෝසිස් දිලීරය පෙනහළු වලට බලපෑ කර නියුමෝනියාව ඇති කරන අතර කැන්ඩිඩියාසිස් දිලීරයට රුධිර ප්‍රවාහ ආසාදන කළ හැකි අතර බහු අවයව වලට හානි කළ හැකි බව ඇය පවසයි.

මෙම දිලීරයන් නිසි ආකාරයෙන් හඳුනා නොගෙන ප්‍රතිකාර සඳහා යොමු නොවුණහොත් ජීවිතයට බලපෑම් ඇති විය හැකි බව ඇය වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?