මහ බැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් – කබ්රාල්

මහ බැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් බව තමා දන්නා බව එම ධූරයට නැවත පත්කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ (15) එම ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ය. 

මෙරට 16 වන මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා (15) පස්වරුවේ සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

ආර්ථිකය තුලනය කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීම තම මූලික සැලැස්ම බව නව අධිපතිවරයා පැවසීය.

හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා (14) සිය ධුරයෙන් විශ්‍රාම ගත්තේය.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහු පැවසුවේ, “

“මම ජනාධිපතිවරයාට කීපසැරයක්ම කිව්වා මෙම රාජකාරිය මට පවරන්නට එපා කියලා. එතුමත් මට කීපසැරයක්ම භාරගන්න කියලා කිව්වා. අන්තිම වතාවට එතුමා කිව්වා මේක භාරගන්නමයි  කියලා. ඉතින් මම පාර්ලිමේන්තුවෙනුත් අයින්වෙලා. රාජ්‍ය අමාත්‍යධුරයෙනුත් අයින්වෙලා. නැවතවරක් මෙම සේවයට එතුමාගේ ඉල්ලීම මත පිවිසෙන්න තීරණය කළා. මම දන්නවා අනිත් අයටත් වඩා හොඳට මෙම වගකීම භාර ගන්නකොට තිබෙන අමාරුව. සැහෙන කටු ඔටුන්නක් ලෙස මම දකින්නේ. මට මතකයි 2006දී එනකොටත් රටේ ආර්ථිකය යම් දුර්වල මට්ටමක තිබුණා. උද්ධමනය ඩබල් ඩිජිට් ගිහින් තිබුණේ. මට මතකයි එතකොට හිටපු නියෝජ්‍ය අධිපතිවරු මට කිව්වා, “ගවනර් මේක උත්සහ කරන්නවත් එපා,” කියලා. ඒ වුණාට අපි ඒක කළා. උද්ධමනය අපි අඩු කළා. ඊට පස්සේ මම 12වෙනියා හැටියට මහ බැංකුවෙන් අයින් වෙලා යනකොට විදේශ සංචිත තිබුණා අමෙරිකානු ඩොලර් බිලියන 10.2ක පමණ මුදලක්. අද එනකොට විදේශ සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 4යි. ඊට අමතරව තවත් බිලියන එකහමාරක් විතර තියෙනවා චීන බැංකුවේ. රුපියලේ අගය පිරිහිලා තිබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සහ ලොක්ඩවුන් එක නිසා විරැකියාව වැඩි වේලා. දිළිඳුකමත් වැඩිවෙලා තියෙනවා. ඒ් නිසා අපිට අභියෝග රැසක් තිබෙනවා. විදේශ සංචිත වැඩිකර ගන්න බලාපොරොත්තු වෙනවා. විදේශ ගිණුම පාලනයකර ගන්න අවශ්‍යයි. ඒකත් අපි කරන්න බලාපොරොත්තුවෙනවා. දළ දේශිය නිෂ්පාදිතය වර්ධනය කර ගන්නත් අවශ්‍යයි. යටිතල පහසුකම් සංවර්ධනය කරන්නත් අවශ්‍යයි. රුපියලේ අගය පවත්වාගෙන යන්නත් අවශ්‍යයි. ඒ් සියලු දේවල්ම අප කළ යුතුයි. ඉතින් ඒ නිසා එහෙම කරන්නට නම් මේ පරස්පර විරෝධී කටයුතු පවිච්චිකරගෙන අපිට කරන්නට සිදුවෙනවා යම් කිසි තුලනයක් ලබා ගැනීමට. ඉදිරි මාසය , මාස 2ක,3න 6ය තුළදී මේ තුලනය ඇතිකරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපිට තියෙන්නේ. ඊළඟ විශේෂ අභියෝගය හැටියට. ඒක ලෙසි  වැඩක් නෙමෙයි කියලත් මම දන්නවා. මම හිතන්නේ අපි හැමෝම එකට එකතු වෙලා ගියොත් අපිට ඒක කරන්න පුළුවන් වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29