බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින පහක් වයසැති බිළිඳෙකු කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
ඉකුත් 7 වැනි දා උපත ලබා තිබෙන අතර පැවති හුස්ම ගැනීමේ අපහතාවයක් හේතුවෙන් බලන්ගොඩ මූලික රෝහලේ නොමේරූ ළදරු ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී සිදුකල පී.සී.ආර්. පරීක්ෂණයේදී කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














