වැලි යැවූ බව ඔප්පු කලොත් මම අයින් වෙනවා – මහින්ද අමරවීර කියයි

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වන රාසමානික්කම් සානක්කියන් ඊයේ පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ඔප්පු කරන්නේ නම් තමා සිය ධූරයෙන් ඉවත් වීමට සූදානම් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අද පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මාලදිවයිනේ දූපතක් ගොඩකිරීම සඳහා මෙරට වැලි පැටවීමේ ජාවාරමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු සම්බන්ධ බවට රාසමානික්කම් සානක්කියන් මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවයි.

පසුගිය කාලයේදී වැලි කියුබ් හයහමාරක් පමණක් ජල පෙරණවලට යෙදීම සඳහා මාලදිවයිනට යවා ඇති බවත්, එය මෙරට සමාගමක් විසින් බදු මුදල් අය කරගනිමින් සිදුකර ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මාලදිවයිනේ දූපතක් ගොඩකිරීමට එලෙස මෙරට වැලි යවන්නේ යැයි ඔප්පු කරන්නේ නම් අමාත්‍ය ධූරයෙන් පමණක් නොව මන්ත්‍රී ධූරයෙන්ද ඉවත්වීමට සූදානම් බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48