spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලි යැවූ බව ඔප්පු කලොත් මම අයින් වෙනවා – මහින්ද අමරවීර කියයි

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වන රාසමානික්කම් සානක්කියන් ඊයේ පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ඔප්පු කරන්නේ නම් තමා සිය ධූරයෙන් ඉවත් වීමට සූදානම් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අද පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මාලදිවයිනේ දූපතක් ගොඩකිරීම සඳහා මෙරට වැලි පැටවීමේ ජාවාරමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු සම්බන්ධ බවට රාසමානික්කම් සානක්කියන් මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවයි.

පසුගිය කාලයේදී වැලි කියුබ් හයහමාරක් පමණක් ජල පෙරණවලට යෙදීම සඳහා මාලදිවයිනට යවා ඇති බවත්, එය මෙරට සමාගමක් විසින් බදු මුදල් අය කරගනිමින් සිදුකර ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මාලදිවයිනේ දූපතක් ගොඩකිරීමට එලෙස මෙරට වැලි යවන්නේ යැයි ඔප්පු කරන්නේ නම් අමාත්‍ය ධූරයෙන් පමණක් නොව මන්ත්‍රී ධූරයෙන්ද ඉවත්වීමට සූදානම් බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?