සමාජයේ කොවිඩ් ආසාදිතයින් පිලිබඳ PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්

දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සෑහිමකට පත්විය හැකි මට්ටමක අඩුවී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

කොවිඩ් මරණ 180ක් විසින් ඊයේද නිවේදනය කළ අතර අවුරුදු 30ට අඩු පුද්ගලයින් 07 දෙනෙකුද එම මරණ අතරට අයත්වී තිබුණි.

මේ අතර දින 5ක් ප්‍රමාද වී ලැබුණු කොවිඩ් ආසාදිතයින් 2950 දෙනෙකුගේ වාර්තා වසංගත රෝග  විද්‍යා ඒකකය ජාතික කොවිඩ් දත්තවලට අද එකතු කළේය.

ගෙවුණු දින 5කට අයත් ප්‍රමාද වී ලැබුණු කොවිඩ් ආසාදිතයින් ගණන 2,950කි.

ඒ අනුව සැප්තැම්බර් 1 වනදා සිට සැප්තැම්බර් 5 වනදා දක්වා මෙතෙක් පැවැති දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව සංශෝධනය වන්නේ මෙලෙසිනි.

සැප්තැම්බර් 01 වනදා 3,828ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 637 දෙනෙකු එකතුවන අතර ඒ අනුව එදින සමස්ත ගණන 4,465 ක් ලෙස දැක්වේ.

සැප්තැම්බර් 02 වනදා 3,627ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 603 දෙනෙකු එකතුවීමත් සමග එදින සමස්ත ගණන 4,230 දක්වා ඉහළ යයි.

සැප්තැම්බර් 03 වනදා 3,644 ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 606 දෙනෙකු එකතු වන අතර ඒ අනුව එදින සමස්ත ගණන 4,250කි.

සැප්තැම්බර් 04 වනදා 3333ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 554 දෙනෙකු එකතුවන අතර එදින සමස්ත ගණන 3,887ක් ලෙස ඉහළ ගොස් තිබේ.

සැප්තැම්බර් 05 වනදා 3,308ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 550 දෙනෙකු එකතු වන අතර එදින සමස්ත ගණන 3,858 ක් ලෙස සංශෝධනය විනි.

මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ,

“පළමු පෙළ ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීම සහ රෝග ලක්ෂණ සහිත වූවන්ගේ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව ඉතාම අවම මට්ටමින් තමයි කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම බොහෝ පළාත්වල මේ වෙද්දි  PCR පරීක්ෂණ අවම වෙන විදිහට තමයි කටයුතු සලසලා කටයුතු කරමින් ඉන්නවා. මෙවැනි සීමා කිරීම් නිසා රෝගීන් වැඩිවීම හෝ අඩුවීම ගැන යම්කිසි අදහසක් ගන්න තියෙන හැකියාව නැතිවෙලා යනවා.”

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේවනවිට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන එක් කෝටි විසිඅට ලක්ෂ විසිතුන්දහස් එකසිය හතළිස් හතකි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 94 ඉක්මවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55