මෙරට තරුණයෙක් කොරෝනා නසන යන්ත‍්‍රයක් හදයි

අප අවට පරිසරයේ පවතින කොරෝනා වයිරසය විනාශ කර විනාශ කළ හැකි යන්ත්‍ර දෙකක් නිපදවීමට පිළියන්දල ප්‍රදේශයේ තරුණයකු සමත් වී ඇත.

පිලියන්දල දේවානන්ද පාර බුද්ධික පෙරේරා නැමැති විදුලි කාර්මික ශිල්පියකු මෙම යන්ත්‍රය දෙකක් නිර්මාණය කර ඇත.

පාසල් අධ්‍යාපනයේ සිටම කාර්මික ශිල්පයට හිත යොමු කළ මෙම තරුණයා කොවිඩ් වසංගතය අප රටට පැමිණි දා එම වයිරසයට අභියෝග කළ හැකි සෞඛ්‍යාරක්ෂිත පරිසර හිතකාමි නිර්මාණ සිදුකිරීමට අධිෂ්ඨාන කර ඇති මෙම තරණයා මේ වන විට කටයුත්ත සාර්ථක කරගෙන ඇත.

වාතයට මුසුවන වයිරසය සහ බැක්ටීරියා තප්පර කීපයකින් විනාශ කරන ( virus air burnable automatic machine ) අධි තාපයෙන් යුත් යන්ත්‍රය සහ මුදල් සහ ලිපි ලේඛන මත තැවරෙන වයිරස් සහ බැක්ටීරියා විනාශ කරන ,විසබීජහරණ ස්වයංක්‍රීය උපකරණය ඔහුගේ නිර්මාණයන්ය

බොරැල්ල සුසමවර්ධන මහා විද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ සමාගමක මෝටර් කාර්මික පාඨමාලාවක් හැදෑරා ඇති ඔහු පසුව ජපානයට ගොස් මෝටර් කාර්මික සහ තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් ඔහු හදාරා ඇත.

මැලේසියාවට යන්ත්‍ර සූත්‍ර පුහුණු පාඨමාලාවක් ද ඔහු ලබා ගෙන ඇත.

කොරෝනා වයිරසය අපේ රටට දැනෙන තරමට ව්‍යාප්ත වීමත් සමඟම සිය දැනුම සහ වෘත්තීය අත්දැකීම් එකතු කර වයිරසය පරාජය කළ හැකි යම් උපකරණයක් නිපදවන්න කටයුතු කළ ඔහු එහි ප්‍රතිඵලයක් ලෙස යම් පුද්ගලයකුගෙන් වාතයට මුසු වන බැක්ටීරියා සහ වයිරස් තප්පර කීපයේදී විනාශ කරන යන්ත්‍රයක් නිපදවීමට හැකියාව ලැබුණු බව ඔහු පවසයි.

යම් රෝහල් වාට්ටුවක, ආයතනයක මෙම උපකරණය ස්ථාපිත කර තිබුණොත් යම් පුද්ගලයකුට කැස්සක් හෝ කිවිසුමක් ගියොත් එම උපකරණයට හැකියාව තියෙනවා ක්ෂණිකව කැස්ස හෝ ගිවිසුම හඳුනාගෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා එහි වාතය සහිත වයිරස් විසබීජ එම උපකරණයට ඇදගෙන වයිරස් සියල්ල ලේසර් සහ අධික තාපය මඟින් පුළුස්සා විනාශ කරන්න මෙම උපකරණයට හැකියාව ඇතැයි ඔහු කියයි. මෙම යන්ත්‍රය නැවුම් පිරිසිදු වාතය පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලියක් ස්වංක්‍රීය සිදුවන බව ද පවසයි.

අඩි හතළිහක් පනහක් පරාසයක් පමණ දුරට යන්ත්‍රය ස්වයංක්‍රීය ක්‍රියාත්මක වන ආකාරයට මෙම යන්ත්‍රය නිපදවා ඇත.

මෙම යන්ත්‍රයෙන් මුව ආවරණ විෂබීජ හරණය කර නැවත පැළඳීමේ හැකි තත්වයට ගෙන ඒමේ හැකියාවත තිබෙනවා. ඊට ගතවන්නේ තත්පර හයක් වැනි ඉතා සුළු වේලාවක්.

මුදල් සහ ලිපි ලේඛන යන්ත්‍රයේ සකස් කර ඇති කවුළුව මත තැන්පත් කළ විට ස්වයංක්‍රීයව එහි දොර වැසී තත්පර අටක් වැනි කෙටි කාලයක් තුළදී එම මුදල් හෝ ලිපි ලේඛන තුළ තිබෙන අභ්‍යන්තර බැක්ටීරියා හෝ වයිරස් විනාශ කිරීමේ හැකියාව මෙම යන්ත්‍රය සතුව තිබෙනවා යැයි ද බුද්ධික පෙරේරා මහතා පැවැසීය.

– lankadeepa

  1. MEWAGE DEWAL KOCHCHARA HADUWATH WEDAK NA..MOKADA MEKA LANKAWA NISA..WENA RATAKA UNANAM MELAHAKATATH MEWA PRAYOJANAYATA ARAGENA..LANKAWE NAWOTHPADANA DIYUNU KARANAWA KIWWA.KO ETH MOKUTH KARANA PATAK NAM NA…APARADE APE RATE DAKSHA KOLLO KELLO INNWA.UNTA ISSRAHATA ENNA KISIMA RAJAYAKIN UDAU KARAN NA..ITHIN ME RATA KAWADAWATH HADANNA BA..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27