මුල් වතාවේම කොරෝනා ආසදිතයන් ගණන

අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන  2,884 ක් වාර්ථා වී ඇති බව ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.  

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2060 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 376216ක් ලෙසටයි.

මේ අතර, දකුණු අප්‍රිකානු කොරෝනාවෛරස නව ප්‍රභේදය ලංකාවට ඇතුළු වීමේ සම්භාවිතාවක් ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, අද (සැප්තැම්බර් 1) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. නව ප්‍රභේද රටට පැමිණීම කල් ඇතුව දැන ගැනීමේ ක්‍රමවේදයක් නැති බව වෛද්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

“අහඹු ලෙස අපි ලබා ගන්නා සාම්පලයකට මේ ප්‍රභේද අහුවුණොත් පමණයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රභේද ලංකාවට ඇවිල්ලා කියල. ඒක කල් ඇතුව දැනගෙන අපිට නවත්තන්න පුළුවන් ක්‍රමවේදයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා තමයි ලොකේ දියුණු රටවල්වලට පවා මේ ප්‍රභේද ආක්‍රමණයෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයා සඳහන් කළේ, සියලු ප්‍රභේදවලින් ආරක්ෂා වීමට නම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළයුතු බවය. එමෙන් ම, එන්නත්කරණයේ ප්‍රතිඵල ලබා ගැනීමට කොපමණ කාලයක් ගත වේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු මෙහිදී නැගූ ප්‍රශ්නයකට හේමන්ත හේරත් මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

“ඉලක්කගත ජනගහනයෙකට මෙම ප්‍රතිශතය අපි ලබා දිය යුතුයි. අපිට සියයට සියයක් ලබා ගන්න පුළුවන් නම් ඒක තමා හොඳ ම දේ. නමුත් මේ ක්‍රියාවලියේදී විවිධ හේතුන් මත එන්නත ලබා ගැනීමට මැළි වුණු යම් ප්‍රතිශතයක් තවමත් ඉන්නවා. ඒ එය මේ සඳහා යොමු නොකළොත් මං හිතනවා මේ එන්නත් ලබා නොගත් සංඛ්‍යාව උදාහරණයක් ලෙස 1000ක් 1500ක් ඉතුරු වෙලා හිටියත් මේ මරණ සංඛ්‍යාව මේ ආකාරයට 100ට ඉහළින් තියෙන එක නවත්ත ගන්න බැරි වෙන්න පුළුවන්. එන්නත් නොගත් පිරිසගෙන් රෝගය වැළඳීමෙන් සංකුලතා ඇති වී මරණයෙන් කෙළවර වීමේ ඉඩකඩ තියෙනවා.”

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ, එම තත්ත්වය වළක්වා ගැනීමට නම් එන්නත ලබා ගැනීම වැදගත් බවය. මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙරටට එනනත් ලැබීම සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළේය. “අපි ඇණවුම් කරන එන්නත් පවා අපිට නිසි ආකාරයට ලැබෙන් නැති අවස්ථා මේ පහුගිය කාල සීමාව තුළ වාර්තා වෙලා තියෙනවා. ඒ වගේ ම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතන මගින් පොරොන්දු වූ පරිදි එන්නත් ලබා දීමට අපොහොසත් වූ අවස්ථා අනන්ත අප්‍රමාණයෙන් සිදු වුණා. මෙවැනි සාධක තියාගෙන තමා අපි අපේ ඉලක්ක කරා යන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55