AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍ය ජයරුවන්ගේ චෝදනාවට රාජ්‍ය ඇමතිගෙන් පිළිතුරු

මෙරට නිෂ්පාදනය කළ තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක්කරමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (31) ප්‍රකාශ කළේය.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය, චන්න ජයසුමන එහිදී සඳහන් කළේ එම ඖෂධය මෙතෙක් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බවය.

“තයිරොක්සින් ඖෂධය රත්මලාන ඖෂධ නිෂ්පාදන පරිශ්‍රයේ ඒ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරලා එළිදැක්වූවට උත්සවයක් තියලා, අප තාම ඒක වෙළෙඳපොළට නිකුත් කරේ නෑ. සැප්තැම්බර් මාසයේ වෙළෙඳපොළට නිකුත් කරන්න තමයි අපි සැලසුම් කරලා තිබුණේ. හැබැයි මේ ප්‍රකාශය සිදුකරපු පුද්ගලයා මොකක්ද කිව්වේ. මේ තයිරොක්සින් ඖෂධය බීලා ඒ රෝගීන් කියනවාලු ඒකෙ ප්‍රතිඵලයක් නෑ කියලා. අමූලික බොරුවක්.”

මේ අතර යූ ටියුබ් සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරතිබූ කරුණුවලට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැඳවා තිබුනත් අද දින ඔහු නොපැමිණ තම නීතීඥයන් පමණක් ඉදිරිපත් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?