ගුරු-විදුහල්පති වැටුප් වැඩිකෙරේ

අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කර ඇති පරිදි  ගුරු-විදුහල්පති වැටුප් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

එම යෝජනාව එළඹෙන අයවැයෙන් අනතුරුව පියවර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වැටුප් විෂමතාවට එරෙහිව ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්ව ගුරු-විදුහල්පතිවරු ආරම්භ කළ වර්ජනයට අදට දින 50ක් ගතවේ.

ගැටලුවට විසඳුමක් නොමැති පසුබිමක ගුරු-විදුහල්පති සංගම් සමග සාකච්ඡා කර රජයට යෝජනා ඉදිරිපත් කිරීමට පසුගිය 09වනදා කැබිනට් අනුකමිටුවක් පත්කෙරුණි.

කෙසේවෙතත් අවස්ථා ගණනාවකදී කැබිනට් අනුකමිටුව ගුරු සංගම් සමග සාකච්ඡා කළ අතර අනතුරුව එම යෝජනා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !