ත්‍රීරෝද රථ අනතුරකින් ළමුන් දෙදෙනෙක් මරුට

හම්බෙගමුව මයිලවල ප්‍රදේශයේදී සිදුවූ ත්‍රී රෝද රථ අනතුරකින් පිරිමි ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන ළමුන් දෙදෙනෙකි.

ඔහුන් කොටවෙහෙරමංකඩ සහ හම්බෙගමුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ඊයේ (21) සවස මෙම අනතුර සිදුවී ඇත්තේ වේලිඔය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙනි.

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරා බරපතළ තුවාල ලබා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?