රට වසා දැමීමට නො හැකි බව ජනපති පවසයි

රට වසා දැමීමට නො හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, රට තුළ ක්‍රියාත්මක කරන සංචරණ සීමා දැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඊයේ (17) රාත්‍රියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රට අගුළු දැමුවහොත්, රටේ ආර්ථිකය බිඳ වැටෙන අතර, දෛනික වැටුප් මත යැපෙන අය දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බවයි එහි දී සඳහන් කර තිබෙන්නේ.

මේ අතර අත්‍යාවශ්‍ය ක්ෂේත්‍ර කටයුතු සඳහා අවශ්‍ය ගිලන් රථ, වතුර බවුසර්, ඩබල් කැබ් රථ ඇතුළත් ව වාහන 164ක් මිලදී ගැනීම සඳහා වන යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉරිපත් කර ඇති බව ද වාර්තා වනවා.

අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත් ව ණයවර ලිපි විවෘත කර තිබී පසු ව අවලංගු කරන ලද ජිප් රථ මිලදී ගැනීමේ වැඩපිළිවෙළ වෙනුවට, මෙම නව යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ

  1. රට වසන්න කියන්නෙ මෙ ව්‍ය්සනය ගැන් දැන් උගත් අය නමුත් එදිනෙදා රැකියාවක් කරන්න මිනිස්සු පව්.එත් එඅය අසනිප උනොත් වගකිවයුතු වන්නෙ කවුද .

  2. අපිට උද්දච්ච වෙන්න පුලුවන් ඒත්. ඩෙල්ට එකටත් වඩා දරුනු ප්‍රබේදයක් හැදුනොත් මොකද වෙන්නෙ කියන එක පොඩ්ඩක් උද්දච්ච වෙන්නෙ නැතුව හොයල බැලුවනම් තමයි හොද