Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් මහා තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට

2026 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට පාකිස්ථාන A කණ්ඩායම් නායකයා සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්ථාන නායකයා තීරණය කළා.

තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්ථාන A කණ්ඩායම අතර අද (29) පෙරවරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

පසු ගියවර ශූරයින් වූ පාකිස්ථානය අඛණ්ඩව දෙවන වරටත් ශූරතාව හිමිකර ගැනීමේ අරමුණින් අද තරගය පිවිසෙන අතර, තුන්වන වතාවට එම ශූරතාව ජයගැනීමේ බලාපොරොත්තුව ඇතිව ශ්‍රී ලංකාව අද තරගයට පිවිසෙනු ඇති.

ශ්‍රී ලංකා A කණ්ඩායම මීට පෙර 2017 සහ 2018 වසර වල නැගී එන තරු අතර ආසියානු කුසලානය ජයග්‍රහණය කර තිබෙනවා.

පාකිස්ථාන A කණ්ඩායම පසුගිය 2025 වසරට අමතරව 2023 සහ 2019 යන වසර වලදී ද නැගී එන තරු අතර ආසියානු කුසලානය දිනා ගැනීමට ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා.

මෙවර තරගාවලියේ ප්‍රබල ඉන්දීය A කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසි අතර, පාකිස්ථාන A කණ්ඩායම බංග්ලාදේශ A කණ්ඩායම පාරාජය කරමින් ශ්‍රී ලංකාව සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්