නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු අර්ධ අවසන් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 317ක් රැස්කර ගැනීමට සමත් වුණා.
ඒ අනුව, මෙම තරගයේ ජයගෙන අවසන් මහා තරගයට ප්රවිෂ්ඨ වීම සඳහා ශ්රී ලංකා A කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 318ක්.
කටාර් හි ඒෂියන් ටවුන් ක්රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ ඉන්දීය නායක තිලක් වර්මා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ලෝකයේ බොහෝ ක්රිකට් රසිකයන්ගේ අවදානය දිනාගෙන සිටින, පෙර තරගයේ පන්දු 52කින් ද්විත්ව ශතකයක් වාර්තා කළ ඉන්දීය ආරම්භක පිතිකරු වූ 15 හැවිරිදි වෛභව් සූර්යවංශි, මෙම තරගයේ දී පන්දු 27කින් ලකුණු 40ක් රැස්කර ගෙන සිටියදී දවා ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.










