Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අලුත් එකඟතා නිසා නේපාලයට එන ඉන්දීය සංචාරකයන් දෙගුණ වෙන ලකුණු

ඉන්දීය අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂාගේ නිල ඉන්දීය සංචාරය අතරතුර ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කිරීමෙන් නේපාලයට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සංඛ්‍යාව දෙගුණ කළ හැකි බව එරට සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පවසනවා.

ගුවන් හා දුම්රිය ප්‍රවාහන සම්බන්ධතා පුළුල් කිරීම සහ නව සංචාරක මාර්ග හඳුන්වාදීම මඟින් දෙරට අතර සංචාරක ගමනාගමනය වර්ධනය කළ හැකි බව ඔවුන්ගේ අදහසයි.

නේපාලයේ ප්‍රධාන සංචාරක සංවිධාන තුනක නියෝජිතයන් අග්‍රාමාත්‍යවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටි අතර, ඔවුන් අඟහරුවාදා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකින් එකඟතා පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

විශේෂයෙන්ම යෝජිත අයෝධ්‍යා–ජනක්පූර් දුම්රිය සේවාව ආගමික සංචාරක කර්මාන්තයට නව අවස්ථා උදාකරනු ඇති බව ඔවුහු පෙන්වා දෙති. එහෙත් ජනක්පූර් නගරයට පමණක් සීමා නොවී කත්මණ්ඩු, පොඛරා, මුක්තිනාත්, චිත්වාන් සහ ලුම්බිණි වැනි ප්‍රදේශ කරාද සංචාරකයන් යොමු කිරීමේ අවශ්‍යතාව ඔවුන් අවධාරණය කරනවා.

එමෙන්ම භයිරහවා හරහා දෙදිශාවටම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අදාළ එකඟතාව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද නේපාල සහ ඉන්දීය රජයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් දෙරට අතර සංචාරක කර්මාන්තය සහ වෙළෙඳාම වර්ධනය කිරීමට හැකිවනු ඇති බව සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන්ගේ අදහසයි.