Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය දින දෙකකට වැසේ

එළැඹෙන නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තබන බවට මහජනතාව වෙත දැනුම් දී තිබෙනවා.

එක්සත් ජනපද තානාපති කාර්යාලය සිය x ගිණුමේ සටහනක් තබමින් ඒ් පිළිබඳව සඳහන් කරනවා.

එම දිනවල යෙදෙන ‘තුති පිදීමේ දිනය ‘ (Thanksgiving Day) නිමිත්තෙන් තානාපති කාර්යාලය මෙසේ වසා තබනු ලබන බවට වාර්තාවෙනවා.

මේ අතර, නොවැම්බර් 30 සඳුදා දින සිට කටයුතු යළි සාමාන්‍ය පරිදි ආරම්භ කරන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.