Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පොලීසියේ විශේෂ මෙහෙයුම් මඟින් එකම දවසක් තුළ 1500ක් අත්අඩංගුවට ගනී

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන විශේෂ මෙහෙයුම් මඟින් ඊයේ දවස තුළ පමණක් පුද්ගලයන් 1500ක් පමණ අත්අඩංගුවට පත්වී තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව, 2026.11.23 වන දින පුද්ගලයින් 27960 පරීක්ෂා කර ඇති අතර, රථවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4681ක එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඒ වගේම පුද්ගලයින් 474 සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, එයින් පුද්ගලයින් 27ක් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගෙන ඇති බවත් වාර්තාවෙනවා.

ඊට අමතරව පුද්ගලයින් 327ක් වරෙන්තුකරුවන් ලෙසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් පුද්ගලයින් 230ක් විවෘත වරෙන්තුකරුවන් ලෙසින් අත්අඩංගුවට ගෙන ඇති තිබෙනවා.

ඊයේ දිනය තුළ පමණක් අත්අඩංගුවට පත්වුණු බීමත් රියදුරන් සංඛ්‍යාව 335ක් වන අතර, අපරික්ෂාකාරි රිය පැදවීමේ චෝදනාව මත පුද්ගලයින් 111ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවටත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරනවා.