ගාසා තීරයේ ආහාර රැගත් ආධාර වාහනයකට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වීමේ හේතුවෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගාසා නගරයේ බලහත්කාරයෙන් අවතැන් වූ ජනතාවට ආහාර රැගෙන යන වාහනයකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර, එම වාහනය ලෝක ආහාර වැඩසටහනට අයත් එකක් බවටත් වාර්තාවෙනවා.
මේ අතර වටලනු ලැබූ ගාසා තීරයේ දරුවන් දියවැඩියාව සඳහා ජීවිතාරක්ෂක ඉන්සියුලින් සොයා ගැනීමට දැඩි අරගලයක නිරතවීමට සිදුවී තිබෙනවා. ඉන්සියුලින් සහ රුධිර ග්ලූකෝස් පරීක්ෂණ සැපයුම් ලබා ගැනීම වඩ වඩාත් දුෂ්කර වන විට, තම දරුවන් ජීවත් කරවීම සඳහා කළ නොහැකි තේරීම් කිරීමට ඔවුන්ට බල කෙරෙමින් පවතින බව අවතැන්වුවන්ගේ පවුල්වල සාමාජිකයන් ප්‍රකාශ කරනවා.
දියවැඩියාවෙන් පෙළෙන නව හැවිරිදි අමීර් නැවත නැවතත් වමනය කිරීමට සහ දරුණු උදර වේදනාවක් ගැන පැමිණිලි කිරීමට පටන් ගත් විට, ගිලන් රථයක් මගින් ඔහුව ගාසා නගරයේ රෝහලකට ගෙන ගොස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද අතර, එහිදී වෛද්‍යවරුන් ඉන්සියුලින් විෂ වීම හේතුවෙන් ඔහුගේ රුධිරයේ අම්ලය භයානක ලෙස ගොඩගැසී ඇති බව සොයා ගෙන තිබෙනවා.










