කොල්ලුපිටිය, ඇල්ෆ්රඩ් හවුස් ඇවනිව් ප්රදේශයේ දී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුව තිබෙනවා.
මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ මළ සිරුර ඊයේ (21) රාත්රියේ නාඳුනන පුද්ගලයන් පිරිසක් ත්රිරෝද රථයකින් පැමිණ එම ස්ථානයේ දමාගොස් ඇති බවයි.
පොලිසිය පවසන්නේ සොයාගත් එම මළ සිරුරේ තුවාල කිහිපයක් දක්නට ඇති බවයි.
කොල්ලුපිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන ලබනවා.










