ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකින් දිවුලපිටිය, දූනගහ ප්රදේශයේ වාහන ජාවාරමක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දිවුලපිටිය දූනගහ ප්රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
වැටලීම සිදු කරන අවස්ථාවේදී එක් සැකකරුසන්තකයේ තිබූ වාහන හතරක් සහ අනෙක් සැකකරු සන්තකයේ තිබූ වාහනයක් ද දිවුලපිටිය පොලිස් භාරයට තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය සහ දිවුලපිටිය පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු අප මත මුදා හැර තිබුණා.
