Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දින ගණනක් නිවසට නොපැමිණි අයෙක් ගේ නිසල සිරුරක් කැළැවකින් හමුවෙයි

කැළැවට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් දින හතරකට පසුව ඊයේ (21) සවස සොයාගත් බව වවුනියාව, ඕමන්ත පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ ඕමන්ත,කොන්දකාරන්කුලම ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි ටි.නාගරාසා නමැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි.

අදාළ පුද්ගලයා පසුගිය 18 වැනිදා කැළැවට ගොස් තිබු අතර නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමදි අදාළ පුද්ගලයාගේ මළ සිරුර කැළැව තුළ තිබි සොයාගත් බවද පොලිසිය පැවසුවා.

මියගිය පුද්ගලයා සතුන් දඩයම් සඳහා කැළැවට ගොස් ඇති බවට සැක පළ කරන අතර, මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති බවද පොලිසිය කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.