Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පවන්ගේ නායකත්වයෙන් යුත් A කණ්ඩායමට අදත් සුපිරි ජයක්

කටාර් හි පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (21) ශ්‍රී ලංකා A කණ්ඩායම සහ හොංකොං A කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 24කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වැසියෙ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක පවන් රත්නායක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 284ක් රැස්කර ගත්තා.

ඒ අනුව ලකුණු 265ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි හොංකොං කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 260ක් පමණයි.

එම ලකුණු 260 තුළ කඩුලු 09ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා මෙම තරගාවලියේ සහභාගී වූ තරග දෙකම ජය ගනු ලැබුවා.

එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ තම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වුණා.