Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ත්‍රිකුණාමලය යුද හමුදා කඳවුරේ ගබඩාවක ගින්නක්

ත්‍රිකුණාමලය, ඕර්ස් හිල් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා 22 වන බලඇණි කඳවුරේ ගබඩාවක අද (21) අලුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පිළිබඳව සැලවූ වහාම එම ස්ථානයට පැමිණි ත්‍රිකුණාමලය නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ යුද හමුදා සාමාජිකයින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත්ව ඇති බවයි වාර්තා වුණේ.