කඩුවෙල නගයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක පෙරේදා (19) උදෑසන හටගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ සිව්දෙනාගේ දේහයන් ඔවුන්ගේ මාලඹේ, තලාහේන, අටේ කණුව ප්රදේශයේ පිහිටි නිවසට ඊයේ (20) රාත්රියේ රැගෙන එනු ලැබුවා.
ඒ, එම දේහයන් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසු ඥාතීන් වෙත භාරදීමෙන් අනතුරුවයි.
එම දේහයන් විවෘත කළ නොහැකි ලෙස සීල් තබා ඥාතීන් වෙත භාරදීමටයි පියවර ගෙන තිබුණේ.
දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (21) දිනයේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.
කඩුවෙල නගයේ පිහිටි ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් පෙරේදා (19) උදෑසන හටගෙන තිබුණා.
එම ගින්නෙන් අලෙවිසැල පවත්වාගෙන ගිය 35 හැවිරිදි නාරද සඳරුවන්, ඔහුගේ බිරිඳවන 28 හැවිරිදි නිලක්ෂිකා මධුශානි, පස් හැවිරිදි දිනලි හසන්යා සහ අවුරුදු දෙකක් වන ඔනලි පහන්යා යන දියණිනන් දෙදෙනා ද අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.
මෙම පවුල විදුලි උපකරණ අලෙවිසැල පවතවාගෙන යමින් එහි උඩු මහලේ පිහිටි කාමරයක නවාතැන්ගෙන සිට ඇති අතර, එලෙස රැඳී සිටින අවස්ථාවේදීයි මෙම අවාසනාවන්ත සිදුවීම මුහුණ පා තිබුණේ.
