Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නාමල්ට අධි චෝදනා – දෙසැම්බර් 02 දක්වා රිමාන්ඩ්

එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව දෙසැම්බර් මස 02 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (19) නියම කළා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට අද (19) අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවුණා.

ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවන හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් පුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා.

ඉන් පසුව මෙම නඩුව දෙසැම්බර් මස දෙවනදා කැඳවීමටද නියම වුණා.