මඩකලපුව අධිකරණයේ දික්කසාද නඩුවක් සඳහා ඊයේ (18) දිනයේ පෙනී සිට ආපසු පැමිණෙමින් සිටි සැමියෙකු සහ බිරිඳක් අතර මඩකලපුව, ගාන්ධි උද්‍යානයේ වාහන නැවැත්වීමේ ස්ථානයේ දී ඇති වූ ආරවුලක් පසුව ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා.
මෙම ගැටුමට බිරිඳගේ සහෝදරයා ද මැදිහත්ව ඇති අතර, එහිදී කෝපයට පත් සැමියා සිය මෝටර් රථය මස්සිනා වෙත ධාවනය කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
පසුව මස්සිනා විසින් මෝටර් රථයට දැඩි හානි සිදුකර ඇති අතර, එම ස්ථානයට පොලිසිය පැමිණ සැමියා, බිරිඳ සහ මස්සිනා අත්අඩංගුවට ගෙන හානි වූ මෝටර් රථය පොලිස් ස්ථානයට රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.
