Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ස්පාඤ්ඤ කාන්තාවක් ධාවනය කළ ත්‍රීවීලරය ලොරියක ගැටී විදෙස් කාන්තාවන් තිදෛනෙකුට තුවාල

ස්පාඤ්ඤ සංචාරක කාන්තාවක් විසින් ධාවනය කළ ත්‍රීවීල් රථයක් හලාවත-දැදුරුඔය අසළ රිය අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් විදේශිය කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තාවෙනවා.

පුත්තලම – හලාවත ප්‍රධාන මාර්ගයේ දැදුරුඔය ආසන්නයේදී අද (17) දහවල් එම අනතුර සිදුවී තිබුණා.

අද දහවල් 1.30ට පමණ එම කාන්තාවන්ගෙන් අයෙකු විසින් පදවාගෙන ගිය ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ මංතීරුවේ ගමන් කළ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරනවා.

අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර, රථය තුළ සිරවී සිටි එක් විදේශීය කාන්තාවක් ඉන් පිටතට ගැනීම සඳහා විනාඩි 20කට ආසන්න කාලයක් ගතවූ බවද පොලීසිය ප්‍රකාශ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.