Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රජයට එක්කෝටි 43 ලක්ෂයක් පාඩුකළ කෙහෙළියට එරෙහි නඩුව යළි කැඳවයි

රුපවාහිනි සංස්ථාවට අවශ්‍ය නොවන මොහොතක කාර්යාල සහායක තනතුරු 2ක් සහ රියැදුරු තනතුරු 4ක් ලබා දී රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක පාඩුවක් සිදුකළැයි කියන සිද්ධියට අදාලව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු තිදෙනාට එරෙහි නඩුව පෙරවාරි 26 යළි කැඳවිමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (17) නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධියට අදාලව විමර්ශන අවසන් කර ඉදිරි දින වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අල්ලස් කොමිසමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම සැකකරු එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අනුමත කාර්යය මණ්ඩලය ඉක්මවා සේවකයින් 6 දෙනෙකු බඳවා ගෙන, ඔහුගේ කාර්යය මණ්ඩලය සම්පූර්ණව තිබියදී නීත්‍යානුකූල නොවන ලෙස එම කාර්යය මණ්ඩලයට අනුයුක්ත කිරීමට කුමන්ත්‍රණය කර, රූපවාහිනී සංස්ථාවට රුපියල් 14,325,422.83 ක මුදලක් පාඩු කිරීමෙන් ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට අල්ලස් කොමිසම මෙම සැකකරුට එරෙහිව චෝදනා නගා තිබුණා.

සිද්ධියට අදාල සැකකරුවන් ඇප මත මුදා හැර තිබෙන අතර, අද නඩුවේ කැඳවු අවස්ථාවේදී සිද්ධියට අදාල සැකකරුවන් විවෘත අධිකරණයේ පෙනී සිටියා.