Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අනුරපුර නගර සැලැස්ම ගැන දැනුම්වත් කරන්න හෙට විශේෂ මාධ්‍ය හමුවක්

අනුරාධපුර නගර සැලැස්ම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව හෙට (16) දිනයේ කැඳවා ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය දැනුම් දෙනවා.

මෙම විශේෂ මාධ්‍ය හමුව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි සහ අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඤානතිලක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.