Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පන්සලෙන් සොරකම්කර සිවුරු,පිරිකර විකිණූ පියපුතු දෙපළක් මාට්ටු

හල්දුම්මුල්ල, හාල්ඇටුතැන්න ප්‍රදේශයේ විහාරස්ථානයකින් සොරාගත් අටපිරිකර තොගයක් සමඟ පියපුතු දෙපළක් වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හල්දුම්මුල්ල පොලිසිය සඳහන් කළේ පසුගිය 08 වනදා මෙම සොරකම සිදුකර ඇති බවයි.

ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවල දී සැකකරුවන් දෙදෙනා පෙරේදා දිනයේ වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

මොවුන් විසින් පිරිකර සකසා පූජා භාණ්ඩ අලෙවිසැල් වෙත ලබාදෙන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා හාල්ඇටුතැන්න ප්‍රදේශයේ විහාරස්ථානයකින් අටපිරිකර 28ක් සොරාගෙන ඇති බව ඔවුන්ව ඊයේ (14) දිනයේ බණ්ඩාරවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අනාවරණය වී තිබෙනවා.

අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර පියපුතු දේපළ ඇපමත මුදාහැරීමටයි අධිරණය නියෝග කර ඇත්තේ.