මොරටුව, නව ගාලු පාර එගොඩඋයන ප්රදේශයේ පාපැදියක් ලොරි රථයක ගැටී පාපැදිකරු මිය ගොස් ඇතැයි පොලීසිය ප්රකාශ කරනවා.
අද (14) උදෑසන මෙම අනතුර සිදු වී ඇති අතර මියගිය තැනැත්තා, පාපැදි පුහුණුවීම් සිදු කරන 68 හැවිරිදි ජාන් බර්නාඩ් රණසූරිය නමැති, ලක්ෂපතිය ද මැල් පාර ප්රදේශයේ පදිංචි ක්රීඩා භාණ්ඩ ව්යාපාරකයෙකු බවට වාර්තාවෙනවා.
නව ගාලු පාර පානදුර දෙසට පාපැදිකරු පුහුණුවීම් සිදු කරමින් ඉදිරියට ගමන් කිරීමේදී පිටුපසින් පැමිණි ලොරි රථයක ගැටී, එයට යට වී මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය ප්රකාශ කරනවා.
රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇතැයි සැක කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව එගොඩඋයන පොලීසිය සඳහන් කරනවා.
ලොරි රථයේ රියදුරුවද රෝහල් ගත කර ඇති අතර, එගොඩඋයන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
