ඇමරිකාවේ නිව් ඕර්ලියන්ස් නගරය ආසන්නයේ මිසිසිපි ගංගාවේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මගී නෞකාවක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.
ඇමරිකන් හෙරිටේජ් නම් කෲස් නෞකාව සහ අත්ලාන්තික් ඇස්ෆල්ට් නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව මෙලෙස ගැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
නිව් ඕර්ලියන්ස් හි නැංගුරම්ලා තිබූ කෲස් නෞකාවේ ණ්ඩ ප්‍රවාහන නෞකාව ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ගැටීමෙන් අනතුරට පත් කෲස් නෞකාවේ සිටි පුද්ගලයින් 32 දෙනෙකු බරපතල නොවන තුවාල සහිතව රෝහල් ගතකර තිබෙනවා.
සිකුරාදා දහවල් කාලයේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ පාලනය ගිලිහී ගොස් මගී නෞකාවේ ගැටී ඇති අතර, මෙහිදී මගී නෞකාව පෙරළී ගොස් ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ දී මගී නෞකාවේ පුද්ගලයින් 200ක පමණ පිරිසක් සිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
