Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස සිටි සම්පත් මනම්පේරි කළ බව කියන කොල්ලකෑම ගැන තීන්දුව අද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලන සමයේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටියදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමග නාරාහේන්පිට මංසන්ධිය අසලදී ද්‍රවිඩ ව්‍යාපාරිකයකු බිය ගන්නවා සහල් පිරවූ ලොරියක් හා එම ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ මුදල් හා ජංගම දුරකථනය කොල්ලකෑමේ චෝදනා යටතේ සම්පත් මනම්පේරි ඇතුලු විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද (13) ලබාදීමට කොළඹ මහාධිකරණය නියම කළා.

ඉකුත් 03 වැනි දින මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.

2009 අගෝස්තු දොළොස් වැනි දා පොලිස නිලධාරීන් ලෙස පෙනී සිටමින් නැගෙනහිර පළාතේ සිට සහල් ප්‍රවාහනය කරමින් සිටි සෙල්වදොරෙහි කොළවෙන්නාදන් නැමැති ව්‍යාපාරිකයා බිය ගන්නවා එකී මංකොල්ලයක් සිදු කිරීම ඇතුලු චෝදනා හතක් යටතේ සම්පත් මනම්පේරි ඇතුලු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබේ තිබුණා.

නඩුව අද (13) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවිමට නියමිත අතර විත්තිකාර සම්පත් මනම්පේරි කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.