Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දිවයින පුරා අළුතින් ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ 1,000ක්

සෑම පුරවැසියකුටම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් 2027 සිට 2029 දක්වා කාලය තුළ පළාත් සභා සමඟ ඒකාබද්ධව රුපියල් මිලියන 17,440ක ආයෝජනයකින් ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ 1,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා.

2027 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙම වැඩසටහන සඳහා 2027 වසරට රුපියල් මිලියන 3,600ක් වෙන් කර තිබෙනවා.

එමෙන්ම, 2027 වසර සඳහා සෞඛ්‍ය සේවා වෙනුවෙන් රුපියල් බිලියන 709.06ක මුදලක් වෙන් කර ඇති බවත් වාර්තාවෙනවා.

තවද, පළාත් සභා යටතේ පාලනය වන මන්නාරම, මුලතිව්, වවුනියාව, කිලිනොච්චිය, ගම්පහ සහ අවිස්සාවේල්ල යන දිස්ත්‍රික් මහ රෝහල් හය මධ්‍යම රජය යටතට පවරා ගැනීමට යෝජනා කර තිබෙනවා.

තඹුත්තේගම මූලික රෝහලේ නවීන පහසුකම් සහිත හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළා.