Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ලාෆ්ස් ගෑස් බෙදාහැරීම යළි පටන්ගනී

මෙට්‍රික් ටොන් 3,000කට අධික ද්‍රවීකෘත පෙට්‍රෝලියම් ගෑස් (LPG) තොගයක් රැගත් ‘GAS GOODWILL’ නෞකාව අද (12) කොළඹ වරායට පැමිණ ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා.

පසුගිය කාලයේ ගෑස් නැව් නොපැමිණීම හේතුකොටගෙන ලාෆ් ගෑස් සැපයුම් කටයුතුවල බාධාවක් ඇතිවී තිබුණා.

මෙම නව තොගයත් සමඟ ගෘහස්ථ හා ව්‍යාපාරික පාරිභෝගිකයන් වෙනුවෙන් ගෑස් සිලින්ඩර සැපයීම අදියරෙන් අදියර යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව සමාගම නිවේදනය කරනවා.

නෞකාවෙන් ගෑස් තොගය ගොඩබෑමෙන් අනතුරුව, සිලින්ඩර පුරවා බෙදාහරින්නන් සහ බලයලත් අලෙවි නියෝජිතයන් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත අතර, ඒ හරහා ප්‍රදේශයෙන් ප්‍රදේශයට ලාෆ්ස් ගෑස් ලබාගැනීමේ හැකියාව ක්‍රමයෙන් ඉහළ යනු ඇති බවයි එම සමාගම ප්‍රකාශ කරනවා.

ගෑස් ලබාගැනීමේදී පාරිභෝගිකයන් අලෙවිසැල් වෙත යාමට පෙර ළඟම ඇති බලයලත් අලෙවි නියෝජිතයා අමතා හෝ 1345 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තම ප්‍රදේශයේ ගෑස් තොග පිළිබඳව විමසන ලෙස පාරිභෝගිකයන්ට දැනුම් දෙනවා.