පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිමි වූ ඇප නියෝගයට එරෙහිව අවලංගු කර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම සලකා බැලීම හෙට (13) යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළා.
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට පසුගිය 03 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලැබුණා.
එම ඇප නියෝග අවලංගු කර, නාමල් රාජපක්ෂ නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ හමුවේ මෙම ප්රතිශෝධන පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්යක්ෂ (නීති) තනුජා බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දැක්වුවා
ඉන් අනතුරුව එම පෙත්සම සලකා බැලීම හෙට (13) යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.










