කම්බි මන්දකට හසුවු කඳුකර කොටියෙකු මුදාගැනේ

ගොදුරු සොයා තේ වත්තට පැමිණි කඳුකර කොටියෙකු අටවා තිබූ කම්බි මන්දකට හසු වී සිටියදී, නිරුපද්‍රිතව මුදාගෙන තිබෙනවා.

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ආතඩිය වතුයායේ අටවා තිබූ කම්බි මන්දකට හොඳින් වැඩුණු කඳුකර කොටියෙකු (12) දින හසු වී සිටී බව නෝටන්බ්‍රිජ් පොලිසිය ප්‍රකාශ කරනවා.

තේ වත්තේ ඇළ මාර්ගයක් අසළ පඳුරක බැඳ තිබූ මන්දකට කඳුකර කොටියාගේ උදර ප්‍රදේශය හසු වී තිබු බවත්, මන්දට හසු වූ කඳුකර කොටියා ඉන් බේරි යෑමට උත්සහ කිරිම හමුවේ , කොටියාගේ උදරයට දැඩි තුවාල සිදු වී තිබුන බවත් නල්ලතන්නි වනජීවි කාර්යාලයේ නිළධාරින් සඳහන් කරනවා.

තේ වත්තෙ ගොදුරු සොයා පැමිණි කඳුකර කොටියා මන්දට හසු වන්නට ඇති බවත්, මන්දට හසු වූ කොටියා පඳුර අසළ ගලක් මත වැතිරි සිටින බවත් අද උදෑසන දර්ශනය වුණා.

ඉන් අනතුරුව නෝටන්බ්‍රිජ් පොලිසිය හා නල්ලතන්නි වනජීවි කාර්යාලයේ නිළධාරින් එක්ව මන්දට හසු වූ කදුකර කොටියා නිර්වින්දනය කර මුදා ගැනීමට වන නල්ලතන්නි ජීවි නිළධාරින් මේ වන විට පියවර ගෙන තිබුණා.

ඒ අනුව මේ වනවිට කම්බි මන්දකට හසු වී සිටි කඳුකර කොටියා නිර්වින්දනය කර මුදා ගැනීමට සමත්වී තිබෙනවා.