බන්ධනාගාරගත කර සිටි හිටපු සමූපකාර කොමසාරිස්වරයෙක් බන්ධනාගාරය තුළ දී මරුට

මුදල් වංචාවක් සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරගත කර සිටි හිටපු සමූපකාර කොමසාරිස්වරයෙක් වන සුනිල් සෙනෙවිරත්න හදිසි අසනීප තත්ත්වයකින් මියගොස් ඇති බව වාර්තා වනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලේතැන්න දසත නිවුස් කළ විමසීමක දී සඳහන් කළේ ඊයේ (11) රාත්‍රීයේ ඔහු බන්ධනාගාරය තුළ දී මිය ගොස් ඇති බවයි.

හිටපු සමූපකාර කොමසාරිස් සුනිල් සෙනෙවිරත්න මියයන විට 78 වන වියේ පසුවුණා.