බදුල්ල – කොළඔ ප්‍රධාන මාර්ගයේ සම්පුර්ණයෙන් අවහිර වෙයි

බදුල්ල – කොළඔ ප්‍රධාන මාර්ගයේ හාලිපල, උඩුවර අසලින් නායයෑමක් හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

ඒ අනුව, එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස බදුල්ල හදිසි ආපදා මෙහෙයුම් කමිටුව දැනුම් දෙනවා.

අද (11) පස්වරුවේ බදුල්ල ප්‍රදේශයට ලැබුණු අධික වාර්ෂාවත් සමඟ බදුල්ල, ඇල්ල ආශ්‍රිත ප්‍රදේශවල ප්‍රධාන මාර්ග කිහිපයක්ම අවහිර වී ඇති බවයි බදුල්ල, මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා පවසනවා.

බදුල්ල – බන්ඩාරවෙල මාර්ගය උඩුවරින් අවහිර වී ඇති අතර, ඇල්ල – පස්සර මාර්ගය මාවුස්සාගොල්ලෙන් අවහිර වී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා සඳහන් කළේ.

එමෙන්ම, පස්සර – මොනරාගල මාර්ගය 13 කනුව ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.