පන්නල බම්බන්න ප්රදේශයේ නීති විරෝධී ලෙසින් ශ්රී ලංකා ප්රමිති සහතිකය ලබා නොගෙන නිෂ්පාදනය කරන්න ඇසුරුම් කර තිබූ, ටින්ව මාළු විසි දාහකට අධික ප්රමාණයක් විනාශ කරන්නට කටයුතු කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් කළ වැටලීමකදී අදාල ටින් මාළු තොගය, අත් අඩංගුවට ගෙන තිබූ අතර, කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් හැටදහස බැගින් වූ දඩ දෙකක් නියම කළ කුලියාපිටිය ප්රධාන මහේස්ත්රාත් චිරන්තන සතරසිංහ එම සැමන් තොගය විනාශ කරන ලෙසට නියෝග කොට තිබුණා.
ඒ අනුව අද දින කුලියාපිටිය මහේස්ත්රාත් මහේස්ත්රාත්වරයා ඉදිරියේ කුලියාපිටිය කසල අංගනයේදී අදාළ සැමන් තොගය විනාශ කිරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළා.
