නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්රවාහනය කිරීමට උත්සාහ කළ එළුවන් 08ක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්රී ලංකා නාවික හමුදාවේ, වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් අද දින (09) පුත්තලම, උච්චිමුනෙයි මුහුදු ප්රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැක කටයුතු ඩිංගි යාත්රාවක් (01) නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කෙරුණා.
එම පරීක්ෂණය මඟින් අදාල ඩිංගි යාත්රාවෙන් වලංගු බලපත්ර නොමැතිව නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්රවාහනය කිරීමට උත්සාහ කළ එළුවන් අට දෙනෙකු (08) රැගත් ඩිංගි යාත්රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළා.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් දෙදෙනා, ඩිංගි යාත්රාව සහ එළුවන් ද සමඟින් ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළා.
