යාපනයේ මණ්ඩතිව් හි යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා.
ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති ඉඩම නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (08) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමාරන් සමඟ එහි ගිය අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව නිවේදනය කළා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ අවශ්‍ය පාරිසරික වාර්තා කිහිපයක් ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාද වී ඇති බවයි.
කෙසේ වෙතත්, අවශ්‍ය සියලුම ලියකියවිලි දැන් ලබාගෙන ඇති බවත්, ව්‍යාපෘතියට අදාළ මූලික කටයුතු අවසන් කර ඇති බවත් ඔහු සඳහන් කළා.
නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වසරක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා තවදුරටත් පැවසුවා.
