රුවන්වැලිසෑය ඇතුළු අනුරාධපුර පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබියදීත්
භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) තුන්ව දිනටත් අඛණ්ඩව පැවැත්වෙනවා.
අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය කිරීමේ රජයේ ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා තෙක් කුමන බාධක පැමිණිය ද ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් නොකරන බවයි සත්‍යග්‍රහයේ නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සඳහන් කරන්නේ.
මේ අතර ඊයේ (08) රාත්‍රියේ බලංගොඩ කස්සප හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණියා.
අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් විසින් මෙම සත්‍යග්‍රහය පෙරේදා (07) පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේදී ආරම්භ කළා.
එහිදී සත්‍යග්‍රහයේ නිරත පිරිස එම ස්ථානයේ අට්ටාලයක් ඉදිකිරීම හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් ද හට ගත්තා.
