නල්ලතන්නිය පොලිස් වසමේ පුදුකාඩුවත්ත ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 27ක මස්කෙළිය, මරේවත්ත ප්රදේශයේ පදිංචිව සිටි අයෙක්.
ඊයේ (08) රාත්රියේ දෙපාර්ශ්වයක් අතර ඇතිවූ බහින් බස්විමක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනයෙදි අනාවරණය වී තිබෙනවා.
ඝාතනය ලක්වූ පුද්ගලයාගේ පියාද සිද්ධියෙන් තුවාල ලබා මස්කෙළිය රෝහලේ ප්රතිකාර ලබන බවයි වාර්තා වුණේ.
ඝාතනයට සම්බන්ධ බව කියන අවුරුදු 29 සැකකරුවෙක් නල්ලතන්නිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
