ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්
අද (09) දිනයේ විභාගයට ගැනීමට නියමිතයි.
ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේයි.
මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 26ක් ගොනුකර තිබෙනවා.
මෙම පෙත්සම් ඉකුත්දා කැඳවූ අවස්ථාවේ දී අධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන්නේ, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජිත සංශෝධන ඇත්නම් ඒවා ලිඛිත දේශන මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙසයි.
ඒ, අනුව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් එම ලිඛිත දේශන ඉකුත් බ්‍රහස්පතින්දා අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඉන් අනතුරුව අදාළ පෙත්සම් විභාගය අද (09) ආරම්භ කෙරෙනවා.
