මධ්‍යම පළාතට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ යටිනුවර දන්තුරේ මුංවතුගොඩ ප්‍රධාන මාර්ගය සෑම දිනකම වාගේ ජලයෙන් යට වෙනවා .
එම පසුබිමේ අද දිනයේ සිදුවූ අවමගුල් උත්සවයක් අවසන් වී දේහය රැගෙන යාමට නොහැකිව ජලය බැස යන තුරු පැයක් පමණ සිට දේහය රැගෙන යන ආකාරය දක්නට ලැබුණා.
තවද රැකියාව අවසන් වී නිවෙස් වලට යන ජනතාවද ජලය බැස යන තුරු රැදී සිට ගමන් කරන බවද දක්නට ලැබෙනවා.
